ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙසේ බේල් ක්‍රමයට සකස්කිරීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තාවෙනවා.
මෙරට දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුම හා අවබෝධය ලබා ගැනීමට මෙම සුවිශේෂී පියවර හරහා අවශ්‍ය පසුබිම සැකසෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හරහා රටේ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙහි මූලික අරමුණ වෙනවා. කිසිදු දරුවෙකු අත්නොහැර, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සෑම දරුවකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්රමුඛ අපේක්ෂාව වී ඇති බවත් මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.
