ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

“ඇය දැයේ අභිමානයයි”යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (08) පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

මේ අතර ගැහැණු සහ පිරිමි සමානත්වයට තවත් වසර 300ක් පමණ ගතවෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත් වූ පාගමනක් හේතුවෙන්.

ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් වීම විශේෂත්වයක්.

මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි පළමුවරට අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවක් වන අතර, ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීයි.

එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර එහිදී ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

එතැන් සිට අද දක්වා ලෝකයේ බහුතරයක් රවවල් සෑම වසරකම මාර්තු මස 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23