සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය මේ වන විට හරාරේ දී පැවැත්වෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 298ක් රැස් කරා.
ඉනිවේ අවසාන භාගයේ දී වේගවත් සබඳතාවයක් ගොඩ නැගූ කමිඳු මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක්ව වේගවත් ලකුණු 137ක් ඉනිම සඳහා එක් කළා.
එහිදී නොදැවී පන්දු 41ක් තුල වේගවත් ලකුණු 70ක් රැස් කර ගැනීමට ජනිත් ලියනගේ සමත් වූ අතර කමිඳු මෙන්ඩිස් ඉනිමේ අවසන් පන්දුවෙදී දැවී ගියේ පන්දු 367කට ලකුණු 57ක් රැස් කරමින්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ද අඟනා අර්ධ ශතකයක් ලබා ගත්තා.
ඔහු දැවී යනවිට පන්දු 92ක් තුළ ලකුණු 76ක් රැස් කරගෙන සිටියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 35ක් රැස් කරගැනීමට සමත් වුණා.






