ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි හමුවී තිබෙනවා.

මෙම හමුව ටෝකියෝ නුවර දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමු වී සාකච්ඡා පැවැත්වනු ලැබුවා .

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ආර්ථිකය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ජනධිපතිවරයාගේ මෙම සංචාරය අතර තුර වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තරං ලූ ක්වාං අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජනාධිපතිවරයා, ජපානයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය තාරෝ කොනෝ අතර සාකච්ඡාවක් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?