ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට අගමැති වීමට අවශ්‍යව තිබූ බව ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අරගල සමයේ රටේ අගමැති ධුරය භරගැනීමට සූදානමින් සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා සිදු වූ අරගලය සහ ඊට සම්බන්ධ සිද්ධීන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකුට එම ධුරයෙන් ඉවත් වී ස්වාධීන අගමැතිවරයෙක් ලෙසට පත් කිරීමට ද එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නීතිඥ සංගමය අරගලය පැවති දිනවල එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී ඔහු සමග සාකච්ඡා කරනු ලැබුවේ දේශපාලනයෙන් තොර අයෙක් අගමැතිවරයා ලෙසට පත් කිරීම බව රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.

ඔවුන් බලාපොරොත්තු වූයේ සාලිය පීරිස් මහතා අගමැති ධුරයට පත්වනු ඇති බවට වන අතර එය රහසක් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර බිඳ වැටුණු රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය බන්දුල ගුණවර්ධනට අභියෝග කිරීමත් සමඟ අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38