spot_imgspot_img
spot_img

ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සංජේ ගාද්වීගේ අද (19) උදෑසන 9.30ට පමණ ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ .

ගාද්වීගේ දියණියවන සංජිනා පවසන්නේ සිය පියා කිසිඳු අසනීප තත්ත්වයකින් නොපෙලුනු බවත් සෞඛ්‍ය සම්පන්නව සිටි බවයි.

කෙසේ වෙතත් ඔහුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අභාවප්‍රාප්තවන විට ඔහු 56 වන වියේ පසු වූ අතර, තව දින 03 කින් ඔහුගේ 57 වන උපන්දිය යෙදී තිබෙනවා.

2004 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ ඩූම් චිත්‍රපටයෙන් සහ 2006 වසරේ අධ්‍යක්ෂණය කළ ඩූම් 2 චිත්‍රපටයෙන් ඔහු රසිකයින් අතර ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණා.

සංජේ ගාද්වී 2000 වසරේ දී “Tere Liye” චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?