ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සංජේ ගාද්වීගේ අද (19) උදෑසන 9.30ට පමණ ඔහුගේ නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ .

ගාද්වීගේ දියණියවන සංජිනා පවසන්නේ සිය පියා කිසිඳු අසනීප තත්ත්වයකින් නොපෙලුනු බවත් සෞඛ්‍ය සම්පන්නව සිටි බවයි.

කෙසේ වෙතත් ඔහුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අභාවප්‍රාප්තවන විට ඔහු 56 වන වියේ පසු වූ අතර, තව දින 03 කින් ඔහුගේ 57 වන උපන්දිය යෙදී තිබෙනවා.

2004 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ ඩූම් චිත්‍රපටයෙන් සහ 2006 වසරේ අධ්‍යක්ෂණය කළ ඩූම් 2 චිත්‍රපටයෙන් ඔහු රසිකයින් අතර ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් බවට පත් වුණා.

සංජේ ගාද්වී 2000 වසරේ දී “Tere Liye” චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50