විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමේ යෝජනාව නැවත සලකා බලන්න – ජාත්‍යන්තර විනිසුරු සංගමය

මෙරට රජය විසින් යෝජනා කර ඇති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල පළකර තිබෙනවා.

මෙම නීතී සම්පාදනය තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට සිදු කළ යුතු බවට පෙන්වා දෙන එම සංගමය කියා සිටින්නේ අදාළ යෝජනා අත්තනෝමතික, තාවකාලික සහ හදිසි තීරණ මත පදනම්ව සිදුනොකළ යුතු බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ විය හැකි බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර විනිසුරු සංගමය සඳහන් කර තිබෙනවා.

international news



අපගේ නවතම වීඩියෝ පුවත්