AFC Banner
AFC Banner
Empty Ad

ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක්

සහල් හිඟයකින් තොරව ;සාධාරණ මිලට, අඛණ්ඩව ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

අද (02) දහවල් ජනාධිපතිවරයා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේදියි මේ බව සඳහන් කර ඇත්තේ.

ඉදිරි මාසවල දී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද ඔවුන් සමග මෙහිදී සාකච්ඡා කෙරුණා.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමට ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති යාපනයේ දිස්ත්‍රික් කමිටු රැස්වීමට හදීසියේ ගොඩවෙයි
07:30
Video thumbnail
BREAKING NEWS🔴තරංගත් ගෑවුණු තරඟ පවාදීමේ සිද්දීයේ නඩු තීන්දුව මෙන්න
02:18
Video thumbnail
නාමල් කරුණාරතන තාම තටමනවා - වී වලට සහතික මිලක් තාම නෑ
10:23
Video thumbnail
BREAKING NEWS 🔴HIV ගැන ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්
09:39
Video thumbnail
අඹුඩෙ ගැටෙත් ගැලවිලා - නාමල් කරුණාරත්න නිර්වස්ත්‍ර වෙලා
09:46
Video thumbnail
BREAKING NEWS 🔴පොලිස් මූලස්ථානය අසල උණුසුම් තත්ත්වයක්
09:40
Video thumbnail
රටේ ආර්ථිකය හරියටම හසුරුවන විදිය රවීගෙන් ජනාධාපතිට උපදෙස්
02:53
Video thumbnail
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම් හමුවෙයි
00:57
Video thumbnail
වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල ලබාදෙයි - ජනාධිපතිතුමාට ගොඩාක් ස්තූතියි
05:01
Video thumbnail
පුල්මුඩේ ගිය හඳුන්නෙත්ති සැරෙන් කිව්ව කතාව - බලධාරීන් මීක් නෑ - කටවල් ලොක්වෙයි
03:29

?