ජනපති, මාවෙයි සේනාධිරාජාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) අවසන් ගෞරව දක්වා තිබෙනවා.

දේහය තැන්පත් කර ඇති යාපනය, මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි මාවෙයි සේනාධිරාජාගේ නිවසේ දී මෙලෙස අවසන් ගෞරව දක්වනු ලැබුවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) දිනයේ යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතයි.