ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක කාලය දිගු කරයි

මෙරට සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ සොයා බැලූ කොමිෂන් සභා වාර්තාවල නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව ලබන පෙබරවාරි මස 28 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබෙනවා.

2021 ජනවාරි මස 21 වනදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව පත් කරණු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?