Indian Premier League

ජනපතිට – අගමැතිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් රතු එළි

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම තනතුරුවලින් ඉවත්වී රට තුළ පවතින අර්බුදය සමනය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් පත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පෙරේදා (24 දා) පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණයට එළැඹ තිබේ.

ශ්‍රී ලාංකිකයන් මේ වන විට මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය සලකා බලා සිය සංගමයේ සාමාජිකයන් මෙම යෝජනාව සම්මත කර ගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?