ජනක ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 123 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77ක්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින්.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුම බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, ජේ. සී. අලවතුවල ඇතුලු පිරිසක් ද යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළා.

එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.

ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, ජී. එල්. පීරිස්, අනුර කුමාර දිසානායක, අතුරලියේ රතන හිමියන්, ඩලස් අලහප්පෙරුම මෙන්ම විජිත හේරත් ඇතුලු පිරිසක් යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට අයත්.

පසුගියදා නීති විරෝධීව මෙරටට රත්‍රං සහ ජංගම දුරකතන රැගෙන ඒමේ චෝදනාවට අත්අඩංගුවට ගැණුනු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ද මෙම ඡන්ද විමසීමට එක් වූ අතර ඔහු යෝජනාවට විපක්ෂවයි ඡන්දය භාවිත කළේ.

1 7
2 7
5 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
8
+1
4
+1
1
+1
2
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?