ජනක ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 123 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77ක්.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින්.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකර්, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුම බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, ජේ. සී. අලවතුවල ඇතුලු පිරිසක් ද යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළා.

එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.

ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, ජී. එල්. පීරිස්, අනුර කුමාර දිසානායක, අතුරලියේ රතන හිමියන්, ඩලස් අලහප්පෙරුම මෙන්ම විජිත හේරත් ඇතුලු පිරිසක් යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට අයත්.

පසුගියදා නීති විරෝධීව මෙරටට රත්‍රං සහ ජංගම දුරකතන රැගෙන ඒමේ චෝදනාවට අත්අඩංගුවට ගැණුනු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ද මෙම ඡන්ද විමසීමට එක් වූ අතර ඔහු යෝජනාවට විපක්ෂවයි ඡන්දය භාවිත කළේ.

1 7
2 7
5 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48