ජගත් විස්සයි විස්ස පිටියේ දකුණු අප්‍රිකානුවන්ගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹායමින් තරගයක් ජයග්‍රහණය කළ ලෝක වාර්තාව තමන් සතුකර ගන්නට ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ (26) හැකියාව ලැබුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී දකුණු අප්‍රිකානුවන් මෙම වාර්තාව පිහිට වූ අතර, එහිදී ඔවුන් හඹාගිය ලකුණු සංඛ්‍යාව 259ක්.

බටහිර ඉන්දීය කොදෙව්වන විසින් ලබාදුන් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ දකුණු අප්‍රිකානුවන් පසුකර ගියේ කඩුලු 04ක් දැවී තිබියදීයි.

මෙහිදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු කුවින්ටන් ඩී කොක්ගේ වේගවත් ශතකය ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවහල් වුණා.

කුවින්ටන් ඩී කොක් පන්දු 44ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

මේ අතර මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 517ක් වන අතර, මෙතෙක් විස්සයි විස්ස ඉතිහාසයේ එක් තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

එමෙන්ම විස්සයි විස්ස තරගයක ලකුණු 500 කට වඩා රැස් කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

1 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?