ජගත් විස්සයි විස්ස පිටියේ දකුණු අප්‍රිකානුවන්ගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාව හඹායමින් තරගයක් ජයග්‍රහණය කළ ලෝක වාර්තාව තමන් සතුකර ගන්නට ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ (26) හැකියාව ලැබුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී දකුණු අප්‍රිකානුවන් මෙම වාර්තාව පිහිට වූ අතර, එහිදී ඔවුන් හඹාගිය ලකුණු සංඛ්‍යාව 259ක්.

බටහිර ඉන්දීය කොදෙව්වන විසින් ලබාදුන් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ දකුණු අප්‍රිකානුවන් පසුකර ගියේ කඩුලු 04ක් දැවී තිබියදීයි.

මෙහිදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු කුවින්ටන් ඩී කොක්ගේ වේගවත් ශතකය ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉවහල් වුණා.

කුවින්ටන් ඩී කොක් පන්දු 44ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 100ක්.

මේ අතර මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 517ක් වන අතර, මෙතෙක් විස්සයි විස්ස ඉතිහාසයේ එක් තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

එමෙන්ම විස්සයි විස්ස තරගයක ලකුණු 500 කට වඩා රැස් කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

1 15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38