ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කල තරුණියක් අද පස්වරුවේ දුම්රියක ගැටී පානදුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැත.
මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ අංක 772 දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7 ට පමණ අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය එම දුම්රියෙන්ම වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් වාද්දුව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
මෙම තරුණිය රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
1
+1
13
+1
2
+1
1













