ඡන්ද කල් දාන්න උවමනාවක් නෑ – මහින්ද

ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ කටයුතු අවසන්වීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ අතර ඡන්දය කල්දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ අද විරෝධතාවක නිරත වුණා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45 කට පමණ කාලයකට සීමා වූ අතර සභාවේ කටයුතුවලට බාධා වීම හේතුවෙන් හෙට පෙරවරු 09.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමටයි කථානායකවරයා එහිදී තීරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?