චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ජනමාධ්‍ය හා සම්බන්ධ ගිවිසුම් මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ කළ පළමු නිල සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර එළැඹුණු ගිවිසුම් පසුගිය කාලයේ දී බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ අතර, එසේ එළැඹුණු ගිවිසුම්වලින් ගිවිසුම් 6ක් පමණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන සහ චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයන් සමග එළැඹුණු ගිවිසුම් වීම විශේෂත්වයකි.

දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස සම්බන්ධව 150 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, එහි 172වන ස්ථානයේ සිටින චීනය සමග එලෙස එළැඹුණු ගිවිසුම් මෙතෙක් රජයන් දෙකෙන්ම ප්‍රසිද්ධ කර නැහැ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, චීනයේ ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය (NRTA) සහ චීනයේ රජය සතු Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන්වලට සහාය වීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව නිලධාරීන් පැවසුවා.

රජයට අනුව, ගිවිසුම්වලට රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙපාර්තමේන්තු අතර හවුල්කාරිත්වයන් ඇතුළත්.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි විශ්වාස කරන්නේ ගිවිසුම මගින් චීන මාධ්‍යවලට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකරුවන්ට චීනයේදී පුහුණුව ලබා ගැනීමටත් ඉඩ සැලසෙන බවයි.

චීනය සමඟ මාධ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය, රටේ දැනටමත් අවිනිශ්චිතව පවතිවන මාධ්‍ය නිදහස තවදුරටත් දුර්වල කරනු ඇති බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කනස්සල්ල පල කරනවා.

එහි තොරතුරු ජනතාවට හෙළි කර නොතිබීම ඊට හේතුව බව ලංකාපේලි පවසනවා.

රජය චීනය සමඟ මාධ්‍ය සහයෝගීතාවට පිවිසෙන අතරතුර මාධ්‍ය නිදහස ද තහවුරු කළ යුතු බව ලංකාපේලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46