චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ජනමාධ්‍ය හා සම්බන්ධ ගිවිසුම් මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ කළ පළමු නිල සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර එළැඹුණු ගිවිසුම් පසුගිය කාලයේ දී බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ අතර, එසේ එළැඹුණු ගිවිසුම්වලින් ගිවිසුම් 6ක් පමණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන සහ චීනයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයන් සමග එළැඹුණු ගිවිසුම් වීම විශේෂත්වයකි.

දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයට අනුව රටවල් 180ක් අතරින් මාධ්‍ය නිදහස සම්බන්ධව 150 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, එහි 172වන ස්ථානයේ සිටින චීනය සමග එලෙස එළැඹුණු ගිවිසුම් මෙතෙක් රජයන් දෙකෙන්ම ප්‍රසිද්ධ කර නැහැ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, චීනයේ ජාතික ගුවන්විදුලි හා රූපවාහිනී පරිපාලනය (NRTA) සහ චීනයේ රජය සතු Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා ධාරිතා වර්ධන වැඩසටහන්වලට සහාය වීම සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව නිලධාරීන් පැවසුවා.

රජයට අනුව, ගිවිසුම්වලට රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙපාර්තමේන්තු අතර හවුල්කාරිත්වයන් ඇතුළත්.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි විශ්වාස කරන්නේ ගිවිසුම මගින් චීන මාධ්‍යවලට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකරුවන්ට චීනයේදී පුහුණුව ලබා ගැනීමටත් ඉඩ සැලසෙන බවයි.

චීනය සමඟ මාධ්‍ය ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය, රටේ දැනටමත් අවිනිශ්චිතව පවතිවන මාධ්‍ය නිදහස තවදුරටත් දුර්වල කරනු ඇති බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය කනස්සල්ල පල කරනවා.

එහි තොරතුරු ජනතාවට හෙළි කර නොතිබීම ඊට හේතුව බව ලංකාපේලි පවසනවා.

රජය චීනය සමඟ මාධ්‍ය සහයෝගීතාවට පිවිසෙන අතරතුර මාධ්‍ය නිදහස ද තහවුරු කළ යුතු බව ලංකාපේලි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34