චීනය චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය අල්ලයි – යානයක් සාර්ථකව ගොඩබස්වයි

චීනයේ චැන්ග් ඊ සික්ස් යානය පෘථිවියට ඈතින් පිහිටා ඇති චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

බීජිං වේලාවෙන් අනුව අද (02) උදෑසන 6.23ට පමණ මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකි වූ බවයි, ෂින්හුවා පුවත් සේවය සඳහන් කළේ.

චැන්ග් ඊ සික්ස් ගවේෂණ යානය දකුණු ධ්‍රැවයෙහි එයිට්කන් (Aitken) ද්‍රෝණියට ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසන්න වශයෙන් කිලෝමීටර් 2,500ක විෂ්කම්භය සහිත දකුණු ධ්‍රැවය එයිට්කන් (Aitken) ද්‍රෝණිය තුළ පිහිටා ඇති ඇපලෝ ද්‍රෝණිය ලෙස හැඳින්වෙන බලපෑම් ආවාටයක් තුළටයි යානය ගොඩ බස්වා තිබෙන්නේ.

චැන්ග් ඊ සික්ස් යානය එය කොටස් හතරකින් සමන්විත අතර, එහි විශාල කොටස දින 20ක් පමණ සඳ වටා කක්ෂගත වී ඇති බව සඳහන්.

යානය විසින් චන්ද්‍ර පෘෂ්ඨයෙන් සාම්පල එකතු කිරීම ආරම්භ කරනු බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ඒකකය නිවේදනය කර තිබෙනවා.

දැනට වසර බිලියන 04 කට පමණ පෙර ඇති වූ ආවාටයක් ද්‍රෝණියේ සිට සඳෙහි දූවිලි හා පාෂාණ කිලෝග්‍රෑම් 2 ක් දක්වා එකතු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ෂින්හුවා පුවත් සේවය සඳහන් කරන පරිදි චැන්ග් ඊ සික්ස් යානය සඳෙහි දකුණු අර්ධයේ දින දෙකක් ගත කරන අතර, සඳෙහි පස් සාම්පල එකතු කිරීම සඳහා පැය 14ක් අවශ්‍ය බව වාර්තා වනවා.

මෙය චීනයේ වඩාත්ම සංකීර්ණ රොබෝ චන්ද්‍ර මෙහෙයුම ලෙසයි වාර්තා වන්නේ.

කාර්ය මණ්ඩල රහිත මෙහෙයුම ප්‍රථම වරට සඳෙහි දකුණු අර්ධයේ සිට පෘථිවියට සාම්පල ආපසු ලබාදීම සිදු කිරීමට නියමිතයි.

සඳෙහි දකුණු අර්ධයේ මෙහෙයුමක් සාර්ථකව ළඟා වූ දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19