චීනය චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය අල්ලයි – යානයක් සාර්ථකව ගොඩබස්වයි

චීනයේ චැන්ග් ඊ සික්ස් යානය පෘථිවියට ඈතින් පිහිටා ඇති චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩබස්වා තිබෙනවා.

බීජිං වේලාවෙන් අනුව අද (02) උදෑසන 6.23ට පමණ මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකි වූ බවයි, ෂින්හුවා පුවත් සේවය සඳහන් කළේ.

චැන්ග් ඊ සික්ස් ගවේෂණ යානය දකුණු ධ්‍රැවයෙහි එයිට්කන් (Aitken) ද්‍රෝණියට ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආසන්න වශයෙන් කිලෝමීටර් 2,500ක විෂ්කම්භය සහිත දකුණු ධ්‍රැවය එයිට්කන් (Aitken) ද්‍රෝණිය තුළ පිහිටා ඇති ඇපලෝ ද්‍රෝණිය ලෙස හැඳින්වෙන බලපෑම් ආවාටයක් තුළටයි යානය ගොඩ බස්වා තිබෙන්නේ.

චැන්ග් ඊ සික්ස් යානය එය කොටස් හතරකින් සමන්විත අතර, එහි විශාල කොටස දින 20ක් පමණ සඳ වටා කක්ෂගත වී ඇති බව සඳහන්.

යානය විසින් චන්ද්‍ර පෘෂ්ඨයෙන් සාම්පල එකතු කිරීම ආරම්භ කරනු බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ඒකකය නිවේදනය කර තිබෙනවා.

දැනට වසර බිලියන 04 කට පමණ පෙර ඇති වූ ආවාටයක් ද්‍රෝණියේ සිට සඳෙහි දූවිලි හා පාෂාණ කිලෝග්‍රෑම් 2 ක් දක්වා එකතු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

ෂින්හුවා පුවත් සේවය සඳහන් කරන පරිදි චැන්ග් ඊ සික්ස් යානය සඳෙහි දකුණු අර්ධයේ දින දෙකක් ගත කරන අතර, සඳෙහි පස් සාම්පල එකතු කිරීම සඳහා පැය 14ක් අවශ්‍ය බව වාර්තා වනවා.

මෙය චීනයේ වඩාත්ම සංකීර්ණ රොබෝ චන්ද්‍ර මෙහෙයුම ලෙසයි වාර්තා වන්නේ.

කාර්ය මණ්ඩල රහිත මෙහෙයුම ප්‍රථම වරට සඳෙහි දකුණු අර්ධයේ සිට පෘථිවියට සාම්පල ආපසු ලබාදීම සිදු කිරීමට නියමිතයි.

සඳෙහි දකුණු අර්ධයේ මෙහෙයුමක් සාර්ථකව ළඟා වූ දෙවන අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02
Video thumbnail
CCTV වීඩියෝවෙන් ලියවුණු පොඩි පුතාගේ අඳුරු අනාගතය - හෙට මේ දරුවා කොහේ නවතියිද ?
02:51
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00