චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් කථානායකව හමුවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි මහාචාර්ය, ෂින් චුන්යිංගේ (Xin Chunying) ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

නියෝජිත පිරිසට මහජන චීන සමූහාණ්ඩුවේ ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ උප සභාපති කොන්ග් බින් (Cong Bin), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සාමාජික ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් ද ඇතුළත් වුණා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

නියෝජිත පිරිස පිළිගනිමින්, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර දෙදහසකට අධික කාලයක් පුරා පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළා.

එසේම දෙරට අතර ආරම්භ වූ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරේදී සැමරීමට නියමිත බවත් ඔහු පවසා සිටියා.

දිගුකාලීන මිතුරෙක් ලෙස දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගයට කථානායකතුමා චීන රජයට සිය කෘතඥතාව පළ කළා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු අවස්ථාව, මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය ඇතුළු මෙරට දුෂ්කර කාලවලදී චීනය දැක්වූ සහාය ඔහු විශේෂයෙන් සිහිපත් කරනු ලැබුවා.

මහාචාර්ය ෂින් චුන්යිං ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සහ කල් පවතින සබඳතා නැවත අවධාරණය කළ අතර ශ්‍රී
ලංකාවේ අඛණ්ඩ සංවර්ධන උත්සාහයන් පිළිබඳ ප්‍රශංසා කළා.

දෙරටේ ව්‍යවස්ථාදායක අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩි කිරීම සඳහා චීනය අඛණ්ඩව
සහය දක්වන බව පවසා සිටියා.

අනතුරුව, දූත පිරිස ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වුණා.

අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා චීනයට සිය කෘතඥතාව පළකර සිටියා.

දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් වැඩි දියුණු කිරීම, ප්‍රතිපත්ති සම්පාදනයේ සහයෝගීතාව සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තනුර දිසානායක සහ නීතිඥ අනුෂ්කා තිලකරත්න ද මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

ඉන්පසුව, දූත පිරිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට සහභාගී වී සිටියා.

මෙම රැස්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ඇතුළු මෙම කාරක සභා ද්විත්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති අංශ සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳව සභාපතිවරු දෙදෙනාම කෘතඥතාව පළ කළා.

එසේම මෙහිදී දෙරටේ නීතිමය සහ අධිකරණ භාවිතයන්, පාලනය සහ ආයතනික සහයෝගීතාව පිළිබඳව අදහස් හා අත්දැකීම් ද හුවමාරු කර ගැනීම සිදු වුණා.

අනතුරුව කථානායකතුමා විසින් දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44