චීනයට තෙල් විකුණු ඉරානයට සම්බන්ධ ආයතන 12කට අමෙරිකාවෙන් සම්බාධක

චීනය වෙත ඉරාන බොරතෙල් ප්‍රවාහනය කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන ලද පුද්ගලයන් සහ ආයතන 12 කට එරෙහිව සම්බාධක පැනවීමට ඇමෙරිකානු එක්සත් ජනපදය කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකානු මූල්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ “ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය” (IRGC) විසින් සිදු කරනු ලබන නීති විරෝධී තෙල් වෙළඳාමට සහාය දැක්වීම මෙම ආයතනවලට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වනවා.

ඇමෙරිකානු මූල්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉරාන පාලන තන්ත්‍රය සිය රහසිගත භූමිකාවන් වසා ගැනීම සඳහා විවිධ රටවල ව්‍යාජ සමාගම් ජාලයන් උපයෝගී කරගන්නා බවයි.

මෙම තෙල් වෙළඳාමෙන් ලැබෙන බිලියන සංඛ්‍යාත ආදායම, ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින ඉරාන ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීම වෙනුවට, ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අරමුදල් සැපයීමට, අවි ආයුධ නිෂ්පාදනයට සහ වැසියන්ගේ සිවිල් නිදහස මර්දනය කරන ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට ඉරානය විසින් යොදවන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ඇමෙරිකාව ක්‍රියාත්මක කර ඇති “Economic Fury” (ආර්ථික කෝපය) නමැති විශේෂ මෙහෙයුම යටතේ මේ වන විටත් ඉරානයේ බිලියන ගණනක තෙල් ආදායම් අවහිර කිරීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම ඉරාන රජයට සම්බන්ධ ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) වත්කම් ප්‍රමාණයක් අත්හිටුවීමට සහ ඔවුන්ගේ රහසිගත බැංකු පද්ධති බිඳ දැමීමට ද බටහිර බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වර්තාවල සඳහන්.

මීට අමතරව, ඉරානයේ මෙම නීති විරෝධී වෙළඳාමට සහාය දක්වන ඕනෑම විදේශීය සමාගමකට, ගුවන් සේවාවකට හෝ චීනයේ ස්වාධීන තෙල් පිරිපහදු සමාගම් සමඟ ගනුදෙනු කරන විදේශීය මූල්‍ය ආයතනවලට එරෙහිව ද දැඩි ද්විතීයික සම්බාධක පනවන බවට ඇමෙරිකාව අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46