චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට

සඳ ගවේෂණ කටයුතුවලින් අසල්වැසි ඉන්දියාව තවත් අදියරයක් පෙරට ඔසවමින් අද චන්ද්‍රයාන් 3 යානය සඳ මතට ගොඩබෑමට සමත් වුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සඳ වෙත යැවූ චන්ද්‍රයාන් 03 සඳ ගවේෂණ යානය අද සඳේ දකුණු ධ්‍රැවය වෙත ලඟා වූ බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි එරට වේලාවෙන් අද පස්වරු 06 යි 04ට පමණයි යානය සඳෙහි දකුණු ධ්‍රැවය වෙත ළඟා වීමට නියමිතව තිබුණේ.

එම අවස්ථාව අති උත්කර්ශවත් ලෙස සැමරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.

ඉන්දියාව ඉතිහාස ගත වන්නේ සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් යොමු කළ ලොව පළමු රට ලෙසයි.

මීට පෙර අමෙරිකාව සහ චීනය සඳ වෙත සාර්ථකව ගවේෂණ යානා ගොඩබස්වා තිබුණත් ලොව කිසිඳු රටක් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ළඟා වී නැහැ.

සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයක් වන අතර සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ලෙසට ඉතිහාස ගතවන්නේ ද ඉන්දියාවයි.

යානය සඳට ගොඩ බස්වනු ලැබුවේ පස්වරු 6.04 ට වන අතර ඊට පෙර යානය මිනිත්තු 20ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

‘චන්ද්‍රයාන් 3’ යානය සඳට පතිත කිරීම පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව සඳහන්.

ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබීම හේතුවෙන් සිසුන්ට ද එහි සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබී තිබෙනවා.

‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරඹීමට එක්ව සිටියා.

වික්‍රම් ලෑන්ඩරය චන්ද්‍ර පෘෂ්ඨය මත පතිත වූ වහාම “ඉන්දියාව දැන් සඳ මත” යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබෙනවා.

අහස සීමාව නොවන අතර මෙහෙයුමේ සාර්ථකත්වය ඉන්දියානුවන් දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යනු ඇති බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සඳ මත ගොඩබැසීමට පෙර අසාර්ථක වූ මෙහෙයුම් පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ අවසානයේ සාර්ථක වීමට අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගත හැකි ආකාරය මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි.

රෝද හයේ ප්‍රග්‍යාන් රෝවරය චන්ද්‍ර පෘෂ්ඨයේ සැරිසරමින් රූප සහ දත්ත රැස්කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05