”ගෝඨා-මෛත්‍රී ඝාතන සැලසුමක්”..ඇත්ත නැත්ත.?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෑතකදී සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශය පදනම් කර ගනිමිනි.

එවැනි සැලසුමක් ක්‍රියාත්මක වූවා නම් කුමන්ත්‍රණයක් තිබුණා යැයි කතා කරමින් නොසිට ඒ ගැන පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි දැයි පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

අදාළ කුමන්ත්‍රණයට ගොදුරු වීමට සිටි බව කියන දෙදෙනා‌ගෙන් එක් අයෙකු එවකට විධායක ජනාධිපතිවරයා වූ අතර අනෙක් පුද්ගලයා වත්මන් විධායක ජනාධිපතිවරයා වන හෙයින් පරීක්ෂණ සඳහා කිසි ම බාධාවක් නැතැයි ද එජාප මහලේකම්වරයා සඳහන් කළේ ය. ඝාතන සැලසුමක් තිබුණු බවට කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් නොවන්නේ නම් ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන් දැයි මහ ලේකම්වරයා ප්‍රශ්න කළේ ය. මෙවැනි ඝාතන සැලසුමක් ඇතැයි මීට වසර ගණනකට පෙර නාමල් කුමාර නමැත්තෙකු පවසා තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44