මෙම වසරේ ගෙවුණු මාස 04ක කාලයක දී රට තුළ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 37ක් බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
එම වෙඩි තැබීම්වලින් 26ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීම්වලින් 23ක් ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මෙහෙයවීමෙන් සිදු ව තිබෙනවා.
තවත් 14ක් පෞද්ගලික ආරවුල් මත සිදු වූවන් බවයි සඳහන් වන්නේ.
මෙම වෙඩි තැබීම්වලින් මියගිය 26 දෙනාගෙන් 22 දෙදෙනකු අපරාධ කල්ලි සාමාජිකයින්ගේ වෙඩි ප්රහාරවලින් ද තවත් සිව් දෙනෙකු පෞද්ගලික ආරවුල් මත ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
වෙඩි තබා ගැනීම් හේතුවෙන් 18 දෙනෙකු ගෙවුණු මාස 04 තුළ තුවාල ලබා තිබෙනවා.
ඉන් 10 දෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයින්ගේ වෙඩි තැබීම්වලින් තුවාල ලැබූ අතර සෙසු අට දෙනා පෞද්ගලික ආරවුල් මත සිදු වූ වෙඩි තැබීම් මත සිදු ව තිබෙනවා.
මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අපරාධ සඳහා ගැනීමට වළ දමා තිබූ ටී56 ගිනි අවි 56ක්, පිස්තෝල හා රිවෝල්වර 25ක් ද පොලිස් භාරයට ගැනුණා.














Anduwa rata palanaya karana vidiya hari naha. anthimai