AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් යානය අවලංගු වීම නිසා රැකියා සිහිනය බොඳ වුණු ශ්‍රමිකයෝ

කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට පෙරේදා (19) වනදා රාත්‍රීයේ සිදුව තිබෙනවා.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටියේ පෙරේදා (19) රාත්‍රියේයි.

හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා හැරී ගොස් තිබෙනවා.

නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වනදා වනතුරු මෙම කණ්ඩයම කොරියාවට නොඑවන ලෙස කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී තිබෙනවා.

එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
13
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?