ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත් කෙරෙනු ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ම එය තබාගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

වෙනත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය සංගම් හදාගැනීමට අවසරයක් නොලැබෙන බවත් ඊට හේතුව මෙම විශ්විද්‍යාලය මගින් බිහි කරන්නේ ගුරුවරුන් නිසාවෙන් බව ද පැවසීය. විනයක් සහිත පිරිසක් මෙම සරසවියෙන් බිහි කිරීම මුලික අවශ්‍යතාවක් බවත් උපාධිධාරී ගුරුවරයෙකු මෙමගින් බිහිවන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පලාතේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (11) හලාවත සුදසුන රංග ශාලාවේ දී එක්වෙමිනි.

මෙම අවස්ථාවට වයඹ පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, චින්තක මායාදුන්න, අලි සබ්රි රහීම්,යන මහත්වරු ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52