පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් අද දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකුව නංවාගෙන නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරු සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක සංඥා ලාම්පු දැල්වෙමින් තිබී ඇති බවත්, මෝටර් රථය දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇති බවත් පොලිසිය කීය.
අනතුරෙන් මෝටර් රථයේ දකුණු පසට පමණක් හානි සිදුව තිබූ අයුරු දැකගත හැකිවිය . අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා සහ පාසල් සිසුවා පමණක් ගමන්කර ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැති බවද පොලිසිය කීය.