spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැබිණි පෙම්වතිය ඝාතනය කළ සුපිරි බොක්සිං තරුවට ජීවිතාන්තය සිර දඬුවමක්

සිය ගැබිණි පෙම්වතිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි ඔලිම්පික් බොක්සිං ශූරයෙකුවන 30 හැවිරිදි ෆීලික්ස් වර්ඩෙජෝ සැන්චෙස් ඊට වරදකරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆීලික්ස් මෙම චෝදනාවට වරදකරු වී ඇත්තේ අපරාධය සිදුකළ වසර දෙකකට පසුව බවයි.

විනිසුරුවරුන් තිදෙනෙකු සහ විනිසුරුවරියන් නවදෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙම බොක්සිං ක්‍රීඩකයා අදාළ චෝදනාවට වැරදිකරු කරමින් පසුගිය සිකුරාදා නියෝගය ලබාදී තිබෙනවා.

පැහැරගෙන යාම සහ ඝාතනය, මෝටර් රථ කොල්ලකෑම, නූපන් දරුවෙකු හිතාමතාම මරා දැමීම සහ ප්‍රචණ්ඩකාරී අපරාධයක් අතරතුර ආයුධයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා, 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ෆීලික්ස්ට එරෙහිව එල්ල වී තිබුණා.

මෙම නඩු විභාගය පෝටෝ රිකෝ හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ මාසයකට ආසන්න කාලයක් විභාගයට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔහුගේ දඬුවම නොවැම්බර් 03 වන දින සිට ආරම්භවන පරිදි නියම කර ඇති අතර, චෝදනා එල්ල වූ අපරාධ සඳහා ඔහුට ජීවිතාන්තය දක්වා උපරිම සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2021 අප්‍රේල් 29 වන දින ෆීලික්ස්ගේ පෙම්වතිය අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඊට දින දෙකකට පසු සැන් ජුවාන් හි කලපුවක තිබී ඇයගේ මළ සිරුර සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
2
+1
15
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?