ගැබිණි පෙම්වතිය ඝාතනය කළ සුපිරි බොක්සිං තරුවට ජීවිතාන්තය සිර දඬුවමක්

සිය ගැබිණි පෙම්වතිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි ඔලිම්පික් බොක්සිං ශූරයෙකුවන 30 හැවිරිදි ෆීලික්ස් වර්ඩෙජෝ සැන්චෙස් ඊට වරදකරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆීලික්ස් මෙම චෝදනාවට වරදකරු වී ඇත්තේ අපරාධය සිදුකළ වසර දෙකකට පසුව බවයි.

විනිසුරුවරුන් තිදෙනෙකු සහ විනිසුරුවරියන් නවදෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් මෙම බොක්සිං ක්‍රීඩකයා අදාළ චෝදනාවට වැරදිකරු කරමින් පසුගිය සිකුරාදා නියෝගය ලබාදී තිබෙනවා.

පැහැරගෙන යාම සහ ඝාතනය, මෝටර් රථ කොල්ලකෑම, නූපන් දරුවෙකු හිතාමතාම මරා දැමීම සහ ප්‍රචණ්ඩකාරී අපරාධයක් අතරතුර ආයුධයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා, 2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ෆීලික්ස්ට එරෙහිව එල්ල වී තිබුණා.

මෙම නඩු විභාගය පෝටෝ රිකෝ හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ මාසයකට ආසන්න කාලයක් විභාගයට ගැනුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔහුගේ දඬුවම නොවැම්බර් 03 වන දින සිට ආරම්භවන පරිදි නියම කර ඇති අතර, චෝදනා එල්ල වූ අපරාධ සඳහා ඔහුට ජීවිතාන්තය දක්වා උපරිම සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2021 අප්‍රේල් 29 වන දින ෆීලික්ස්ගේ පෙම්වතිය අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඊට දින දෙකකට පසු සැන් ජුවාන් හි කලපුවක තිබී ඇයගේ මළ සිරුර සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
2
+1
15
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21