ගාල්ල වරායෙන් කොටසක් පෞද්ගලික අංශයට බදුදීමේ සැළසුමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගත් නැගෙනහිර පර්යන්තය වසර 2023 වනවිට සම්පූර්ණයෙන් සංවර්ධනය කර අවසන් කරන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමිනුයි සභාපතිවරයා මෙම අදහස් පළ කළේ.  

මේ අතර ගාල්ල වරායේ අක්කර 7කට ආසන්න භූමි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට වසර 30ක කාලයක් සඳහා බදු දීමට සැලසුම් කර තිබෙනවා.ගාල්ල වරායේ කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙම කොටස ලබාදීමට සූදානම් කර ඇති බවටයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් අප වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධනගෙන් විමසීමක් කළ අතර, ඔහු සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කුඩා යාත්‍රා අංගනයේ මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, වරායේ අනෙකුත් මෙහෙයුම් කටයුතුවලට එමගින් කිසිදු බලපෑමක් සිදුනොවන බව ද ඔහු  සදහන් කළා.මීට අමතරව ත්‍රිකුණාමල වරාය ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙලෙස පෞද්ගලික අංශය හා එක්ව මෙහෙයුම් සිදුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි වරාය අධිකාරියේ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන කියා සිටියේ.

ඊට අමතරව දික්ඕවිට වරාය කෙරෙහි ද අවදානය යොමුව ඇති අතර, සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් ලබාගෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ ප්‍රකාශ කළේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට පෞද්ගලික අංශයට ලබා නොදී වරාය අධිකාරියටම එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි.අනෙකුත් වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23