Empty Ad
AFC Banner
Empty Ad

ගාල්ල බන්ධනාගාරයේ ගැටුම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්

ගාල්ල බන්ධනාගාරය තුළ ඊයේ (26) ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ගාල්ල බන්ධනාගාරයේ ඊයේ (26) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට එම බන්ධනාගාර තුළ රඳවා සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් වන අහුංගල්ලේ ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දාගේ කණ්ඩායම් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුමෙන් පසු එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?