ගාල්ල බන්ධනාගාරයේ ගැටුම ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්

ගාල්ල බන්ධනාගාරය තුළ ඊයේ (26) ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ගාල්ල බන්ධනාගාරයේ ඊයේ (26) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට එම බන්ධනාගාර තුළ රඳවා සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් වන අහුංගල්ලේ ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දාගේ කණ්ඩායම් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුමෙන් පසු එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32