ග්‍රෙගරි වැවේ බෝට්ටු අනතුරින් පසු බෝට්ටු සේවාව නියාමනය කිරීමට පියවර

නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරකයන් රැගත් බෝට්ටු දෙකක් ගැටී, පෙරලීමෙන් ඊයේ (19) සිදුවූ අනතුරින් පසු එම බෝට්ටු සේවාව නියාමනයක් ඇතිව පවත්වාගෙන යෑමට අද (20) සිට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර පවසනවා.

ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු 120ක් පමණ ඇති බවත්, ඊයේ (19) සිදු වූ අනතුරින් පසු එම බෝට්ටු හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් කැඳවා සංචාරකයින්ට ආරක්ෂිත කබා පළඳවා, වේග සීමාවන් අඩුකර, අවදානම් රහිත විනයක් සහිතව බෝට්ටු සවාරි රැගෙන යෑම සිදුකරන ලෙසට උපදෙස් ලබාදුන් බවයි නගරාධිපතිවරයා පැවසුවේ.

ඊයේ (19) පස්වරුවේ ග්‍රෙගරි වැවේ සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ගිය බෝට්ටුවක් ඉදිරියට අධික වේගයෙන් පැමිණි තවත් බෝට්ටුවක් ගැටී සංචාරකයන් දෙදෙනෙකු රැගෙන ගිය බෝට්ටුව පෙරලී අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී සංචාරකයින් දෙදෙනා සහ බෝට්ටු ක්‍රියාකරු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිව තිබෙනවා.

අනතුරුව නුවරඑළිය පොලිසිය විසින් බෝට්ටුපැදිකරුවන් දෙදෙනාව සැක පිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අනතුර සිදුවූ අවස්ථාවේ බෝට්ටුවේ සිටි සංචාරකයන් දෙදෙනාගේ ජංගම දුරකථන ග්‍රෙගරිවැවට වැටී අතුරුදහන්ව ඇති අතර, ඒ අනුව සිදු වූ අලාභය බෝට්ටු අයිතිකරුවන් විසින් එම සංචාරකයින් දෙදෙනාට ගෙවීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ජනාධිපතිට රිදෙන්නම දෙයි - ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අනුරට බෑ
10:21
Video thumbnail
කථානායකතුමා කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11