ගසාගෙන නොයන ලෙස ලණුවකින් ගැට ගැසූ පුද්ගල මළසිරුරක් මහවැලියෙන් හමුවෙයි

මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (10) දින මෙම මළසිරුර නාවලපිටිය පොලිසියට ලද තොරතුරක් මත සොයාගත් බවයි.

නාවලපිටිය – හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ මල්ලන්ද පාලම යටින් ගලා බසිනා ස්ථානයේ දීයි මෙම මළසිරුර හමුව ඇත්තේ.

නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පාවෙමින් තිබූ සිරුර ගසාගෙන නොයන ලෙසට ලණුවකින් ගැට ගසා තිබෙනයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 40-45ක වයසේ පසුවන අයෙකු බවත් සඳහන්.

තවමත් අනන්‍යතාව සොයාගෙන නොමැති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50