spot_imgspot_img

ගල්කිස්ස අධිකරණයේ වෙඩි පත්තු කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු දෙකක් අල්ලයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ පසුගිය 04 වනදා සිදු කළ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් බවට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සකකරුවෙකු සහ සැකකාරියක් ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (21) දින අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

මොවුන් කඳුබොඩ – දෙල්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත්වන අවස්ථවේ දී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 520ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතරතුර පසුගිය 04 වනදා සිදුවූ මෙම වෙඩි තැබීම, මත්කුඩු ජාවාරමට සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.

අධිකරණ ශාලාව තුළ සිටි නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඒ වනවිට විත්ති කූඩුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉලක්ක කර ගනිමින්.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?