ගම්වාසින් භීතියට පත් කළ කිඹුලා උගුලට කොටු වෙයි (ඡායාරූප)

කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ ජනතාව භීතියට කරමින් සුනඛයින් හා ගවයින් ආහාරයට ගනිමින් සැරිසැරූ දැවැන්ත කිඹුලෙකු උගුලකට හසුවීමෙන් අනතුරුව වනජීවී භාරයට ගෙන තිබෙනවා.

ගම්වාසීන් විසින් අටවා තිබූ උගුලට හසුවූ කිඹුලා වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගෙන නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකට භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අඩි 12 කට ආසන්න දිගකින් යුත් කිඹුලා රජවිගම රදවි බැඳි ඇලේ නිරන්තරයෙන් සැරිසරමින් සිටි බව ජනතාව ප්‍රකාශ කළා.

අවස්ථා කිපයකදී මෙම දැවැන්ත කිඹුලා ප්‍රදේශයේ දහවල් කාලය තුළ ඇලේ සැඟවී සිට රාත්‍රී කාලවලදි නිවෙස්වලට පැමිණ සුනඛයින් සහ කුඩා වසු පැටවුන් ආහාරයට ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම අවස්ථා කිහිපයකදී ඇලේ දිය නාමින් සිටි කුඩා දරුවන් බිළි ගැනීමට ද මෙම කිඹුලා උත්සහ කර ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

අවස්ථා ගණනාවක දී කිඹුලා කොටු කර ගැනීමට ගම්වාසින් උත්සහ කර ඇති නමුත් එය සාර්ථක වී නොමැති අතර පසුව කිසියම් අයෙකු දැමූ උගුලකට මෙම කිඹුලා හසුවී සිටියදී ගම්වාසින් කළ දැනුවත් කිරීමෙන් පසුව වනජීවී නිලධාරීන් පැමිණ එම සත්වයා රැගෙන ගොස් තිබුණා.

වනජීවී නිලධාරීන් කිඹුලා අල්ලා ගන්නා විට උගුල ඇටවූ අයෙකු යෙදූ කටුවක් උගුරේ සිරවී තිබී ඇති අතර එය ආපසු ගෙන ප්‍රතිකාර කිරීමටයි නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
4
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10