ගණේමුල්ල සංජීව එලොව යවා ඇත්තේ ගම්පහ ඔස්මන්ගේ ගිනි අවියකින්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට භාවිතා කර තිබෙන ගිනි අවිය ගම්පහ ඔස්මන් නමැත්තා⁣ගෙන් බව අද(15) කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.

සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය පවසා සිටියේ ගණේමුල්ල සංජිව ඝාතනය කරීමේ සිද්ධියේ 44 වන සැකකරු ලෙස ගම්පහ ඔස්මන් නමැත්තා නම් කරන බවයි.

මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන පැය 72 ක රැඳවුම් නියෝග මත තබා සිටි බවත් එම කාලය අවසන් වීමෙන් පසු තවත් දින 90ක කාලයක් රැඳවුම් නියෝග තබා ගැනීමට අවසර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ සඳහන් කර සිටියේ සිදු කරන ලද විමර්ශනවලදී මෙම සිද්ධියේ වෙඩික්කරු වන පළමු සැකකරුහට එම අපරාධය සිදුකිරීම සඳහා ගම්පහ ඔස්මන් ගාව තිබු ගිනි අවිය වෙනත් ස්ථානයකට ගොස් ලබා දි ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted