spot_imgspot_img
spot_img

කෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙටින් ආරම්භවන පාර්ලිමේන්තු සතිය තුළ එම විශ්වාසභංග යෝජනාව ඒමට නියමිත බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ හස්ත මුද්‍රා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම සමාජ ජාලා මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් ලක්වුණා.

පසුව අනාවරණය වුණේ රංජිත් බණ්ඩාරගේ පුත් කනිෂ්ක බණ්ඩාර ද එදින කෝප් කමිටු රැස්වීමට සහභාගී වූ බවයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමට ද පියවර ගත්තා.

විපක්ෂයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකෙරෙන තුරු කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවීමට කථානායකවරයා පසුගිය අඟහරුවාදා (16) පියවර ගත්තා.

කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සැලකිල්ලට ගනිමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒන බව සමගි ජන බලවේගය පවසන්නේ එවන් පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?