කොළඹ සරසවියේ පිළිකා ඖෂධයෙන් ඩොලර් මිලියන 02 මාසික ආදායමකට සැලසුම්

කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට වසර 03කට පමණ පෙර හඳුන්වා දුන් පිළිකා මර්ධන ඖෂධය මේවන විට පුද්ගලික සමාගමක් ඔස්සේ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවන බවත් එම ඖෂධය සඳහා රෝගීන්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවන බවට සමීක්ෂණ වාර්තාවන්ගෙන් ඔප්පු වී ඇති බවත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් අද (03) පවසා සිටියා.

එමෙන්ම එම පිළිකා මර්ධන පෝෂක ඖෂධය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් පරික්ෂණයන් සිදුකරමින් පවතින බවත් මෙතෙක් සිදු කරනු ලැබූ පරික්ෂණයන් හතරක් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඔහු සඳහහන්කර සිටියා.

එලෙස සාර්ථක වූ පරීක්ෂණ හතර අතරින් පරීක්ෂණ දෙකක පත්‍රිකා වාර්තා මේවන විට විද්‍යාත්මක සඟරා සඳහා පළ කිරීමට යව ඇති බවත් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එම පරීක්ෂණ පත්‍රිකා නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඔහු පවසනවා.

බංගලාදේශය, වියට්නාමය වැනි කලාපීය රටවල් සඳහා මෙම ඖෂධය අපනයන කිරීම පිළිබදව මේ වන විට අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් පවතින අතර 2027 ජනවාරි මාසයේ සිට ඩොලර් මිලියන 02 මාසික අපනයන ආදායමක් මෙම ඖෂධය මඟින් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවට මහාචාර්ය සමීර සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47