කොළඹ සරසවියේ පිළිකා ඖෂධයෙන් ඩොලර් මිලියන 02 මාසික ආදායමකට සැලසුම්

කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මීට වසර 03කට පමණ පෙර හඳුන්වා දුන් පිළිකා මර්ධන ඖෂධය මේවන විට පුද්ගලික සමාගමක් ඔස්සේ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදුවන බවත් එම ඖෂධය සඳහා රෝගීන්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවන බවට සමීක්ෂණ වාර්තාවන්ගෙන් ඔප්පු වී ඇති බවත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් අද (03) පවසා සිටියා.

එමෙන්ම එම පිළිකා මර්ධන පෝෂක ඖෂධය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් පරික්ෂණයන් සිදුකරමින් පවතින බවත් මෙතෙක් සිදු කරනු ලැබූ පරික්ෂණයන් හතරක් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඔහු සඳහහන්කර සිටියා.

එලෙස සාර්ථක වූ පරීක්ෂණ හතර අතරින් පරීක්ෂණ දෙකක පත්‍රිකා වාර්තා මේවන විට විද්‍යාත්මක සඟරා සඳහා පළ කිරීමට යව ඇති බවත් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එම පරීක්ෂණ පත්‍රිකා නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඔහු පවසනවා.

බංගලාදේශය, වියට්නාමය වැනි කලාපීය රටවල් සඳහා මෙම ඖෂධය අපනයන කිරීම පිළිබදව මේ වන විට අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් පවතින අතර 2027 ජනවාරි මාසයේ සිට ඩොලර් මිලියන 02 මාසික අපනයන ආදායමක් මෙම ඖෂධය මඟින් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවට මහාචාර්ය සමීර සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19