එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඉදිරිපත්වන බවට නියමිත බව වාර්තා වනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (10) මේ බව අනාවරණය කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඇප මුදල් තැන්පත් කිරීම අද (10) සිදුකළා.
ඒ, එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයේ.
මේ අතර කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් කරන නගරාධිපති අපේක්ෂකයා ඉදිරියේ දී නම් කරන බවයි මහ ලේකම් සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
1