නිවාසවලට හොර රහසේ ඇතුළු වී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය මගින් අද (13 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සන්කතයේ තිබී රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් සහ සොරාගත් බවට සැකකරන රන් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශවල නිවාසවලට පැන මෙලෙස සොරකම් කර ඇතැයිද, මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව ද පොලීසිය පවසනවා.
මොහු නීතිඥවරයෙකුට පහර දීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ද වන අතර ඔහු එම නඩුවෙන් ඉවත්ව ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










