කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40කට වඩා පැරණි රජයේ මහල් නිවාස ප්‍රතිසංවර්ධන කිරීමට සැළසුම්

කොළඹ දිස්ත්‍රික්කයේ වසර 40 කට වඩා පැරණි රජයේ මහල් නිවාස සංකීර්ණ ලබන වසරේ දී ප්‍රතිසංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පෙනී සිටිමින් එම නිලධාරීන් මේ බව සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වසර 40කට වඩා පැරණි මහල් නිවාස ව්‍යාපෘති 45ක් පවතින බවත්, ඒවායේ ආසන්න වශයෙන් නිවාස 10,000ක් පමණ පවතින බවත්, එම නිලධාරීන් කාරක සභාවට පැවසුවා.

ඒ, අනුව එම නිවාස සංකීර්ණවල සිදුකිරීමට නියමිත, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වර්තමාන පදිංචිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ ද ඇතුළුව වාර්තාවක් ,මාසයක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු වලට අදාළ නිවාස සංකීර්ණවල ගොඩනැගිලිවල වර්තමාන තත්ත්වය පිළිබඳව තාක්ෂණික හා තක්සේරු වාර්තා ලබාගන්නා බවත්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව යටතේ මෙම ප්‍රති සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීන් කාරක සභාවට දැන්වුවා

ඒ අනුව මේ පිළිබඳව ද සියලු තොරතුරු ඇතුලත් පූර්ණ වර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම 2015 සහ 2019 වසරවලදී ආරම්භ කර විවිධ හේතූන් මත අතහැර දැමූ නිවාස 45,000ක් පවතින බවත්, මේවා වසර තුනක් තුළ වැඩ නිම කිරීම සඳහා ද සැළැස්මක් සකස් කර ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

මෙහිදී සහාධිපත්‍ය නිවාස සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරුණ අතර, මෙම අංශයේ ආයෝජන සිදුකිරීමේ දී ඇතිවන ගැටලු පිළිබඳව නිලධාරීන් කාරක සභාවේ අවධානය යොමු කළා.

ඒ, අනුව මෙම ගැටලු විසඳීමට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබා ගැනීමට, එක් එක් අමාත්‍යාංශ අතර, සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම උදෙසා, නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් සඳහා යෝජනාවක් ඉදිරිපත්කරන ලෙස කාරක සභා සභාපතිවරයා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය විසින් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන ලද ‘One Stop Shop’ ව්‍යාපෘතිය රටේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභාව නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙනු ලබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59