කොළඹ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබනඋද්ධමනය අගෝස්තු මාසයේ 64.3% සිට සැප්තැම්බර් මාසය වනවිට 69.8%ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අගෝස්තු මාසයේ සියයට 93.7ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී සියයට 94.9ක් දක්වා ඉහළගොස් ඇති බව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පෙනි යනවා.පසුගිය මාසයේ සියයට 50.2 වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද මෙම මාසයේ සියයට 57.6ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 70.2ක් ලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දැක්වෙනවා













