කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් දිලීර දෙකක්

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් අතර පැතිරෙන කළු දිලීර රෝගයට අමතරව කොවිඩ් ආසාදිත රෝගීන්ට වැළදෙන වෙනත් දිලීර වර්ග දෙකක් රෝගීන් අතරින් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඇස්පර්ගිලෝසිස් ( Aspergillosis) සහ කැන්ඩිඩියාසිස් (Candidiasis) යනුවෙන් එම දිලීර හඳුන්වන අතර කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින්විට මේවා ආසාදනය විය හැකි බව එම විශේෂඥයෝ පෙන්වා දෙති.

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් අතර ඉහත දිලීර රෝග දෙක සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම සංසිද්ධිය වෙනත් රටවල ද නිරීක්ෂණය වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ ක්ෂුද්‍ර විද්‍යාඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර ප්‍රකාශ කර තිබේ.

ඇස්පර්ගිලෝසිස් දිලීරය පෙනහළු වලට බලපෑ කර නියුමෝනියාව ඇති කරන අතර කැන්ඩිඩියාසිස් දිලීරයට රුධිර ප්‍රවාහ ආසාදන කළ හැකි අතර බහු අවයව වලට හානි කළ හැකි බව ඇය පවසයි.

මෙම දිලීරයන් නිසි ආකාරයෙන් හඳුනා නොගෙන ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් ජීවිතයට බලපෑම් ඇති විය හැකි බව ඇය වැඩිදුරටත් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51