කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ ඖෂධය මෙරටට අහිමි වෙයි

කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල් රැසක අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ” නමැති ඖෂධය මෙරටට ගෙන්වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා. ඒ, දේශපාලන බලපෑම් හේතුවෙන්. 

“රෙගන් කෝව් ” නමැති ඖෂධය දැඩි අසාධ්‍ය රෝගීන්ට පවා ලබාදීමේදී සියයට 31 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවටයි වාර්තා වන්නේ. 

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම එමගින් සියයට 81 කින් අඩු වන බවද පරීක්‍ෂණවලින් සනාථ කර ඇති බව සදහන්. අමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා.

“රෙගන් කෝව් ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි. 

සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුවා. ඒ වනවිටත් එම ඖෂධය පැවතුණේ සායනික පරීක්‍ෂණ මට්ටමේයි. පසුව එම එන්නතට රටවල් රැසක අනුමැතිය හිමිව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම ඖෂධය මෙරටට රැගෙන ඒම සඳහා පෞද්ගලික සමාගමක් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට අනුමැතිය ලැබී ඇති බවටද වාර්තා පළ වුණා. කෙසේවෙතත් එම අනුමැතිය හදිසියේ අවලංගු කර ඇත්තේ දේශපාලන බලපෑමක් මත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09