AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 93ක්

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (19) දින තහවුරු කර ඇත.

ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම කොවිඩ් මරණ 93න් 48 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 45දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 68 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 24 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින්ය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?