කොවිඩ් නිසා මාසයක් තුල චීනයේ 60000ක් මරුට

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුල පමණක් කොවිඩ් ආසාදනය හේතුවෙන් චීනයෙන් පුද්ගලයන් 60000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි තොරතුරු අනාවරණ වනවා.

වසර 3ක පමණ කාලයක් පුරා චීනයේ පැවති දැඩි කොවිඩි නීති රීති සහ සංචරණ සීමා හදිසියේම ඉවත් කිරීමත් සමග ආසාදිතයන් සහ මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

චීනයේ සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ උණ ඇතුළු රෝගී තත්වයන් හේතුවෙන් හදිසි රෝහල්ගතවීම් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් 8 වනදා සහ 2023 වසරේ ජනවාරි 12 වනදා අතර, චීන රෝහල්වල COVID ආශ්‍රිත මරණ සංඛ්‍යාව 59,938 ක් වූ බව එරට වෛද්‍ය පරිපාලන කාර්යාංශයේ ප්‍රධානී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

එම මරණ වලින් 5,503ක් COVID හේතුවෙන් ඇති වූ ශ්වසන අපහසුතාවයෙන් සිදු වූ අතර ඉතිරිය COVID සහ වෙනත් රෝගවල සංයෝජනයක් හේතුවෙන් සිදු වූ බවයි ඇය පෙන්වාදී ඇත්තේ.

මෙම සතිය මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියාසිටියේ චීනය වෛරසය අසධනයෙන් සිදුවන මරණ විශාල වශයෙන් අඩුවෙන් වාර්තා කරන අතර නිවැරදි තොරතුරු ලබාදීමට පියවර ගත යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11