Empty Ad
AFC Banner
Empty Ad

කොදෙව් – පාකිස්ථාන එක්දින තරගාවලියට කොරෝනා හරස්වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය අවලංගු කර තිබෙනවා.

කොදෙව් කණ්ඩායමේ කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ පිරිස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව අවලංගු කළ මෙම තරගාවලිය ලබන 2022 වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට දෙපිළම එකඟතාවයට පත්ව ඇති බවයි වර්තා වුණේ.

කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට අවසන්වරට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ දී කඩුලු රකින ක්‍රීඩක හා පිතිකරු ෂායි හෝප්, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හුසේන් සහ තුන් ඉරියව් ක්‍රීඩක ජස්ටින් ග්‍රීව්ස් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුනේ ICC ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් වටයේ තරගාවලියක් ලෙසටයි.

දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස පාකිස්ථානය ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?