කොටහේන වෙඩි තැබීමට ආධාර – අනුබල දුන් තරුණයෙකු රිමාන්ඩ්

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු ලබන 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (25) නියෝග කළා.

කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කර ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වන බව ද කොටහේන පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී අපරාධය සිදු කිරීමට අදාළ ගිනිඅවිය සහ පතොරම් වෙඩික්කරු හට ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.

පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

පසුගිය 21 දා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර පසුව අදාළ වැඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේ දී ඇති වූ සිදුවීමක් මත පොලිස් වෙඩි පහරින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17